ටෙහෙරාන් ඡන්ද සංඛ්‍යාවෙන් 90% ක් රෝහානි පාර්ශවයට

Image caption දැනට ගණන් කොට ඇති ඡන්ද සංඛ්‍යාවෙන් 90% ක් දිනා ගෙන ඇත්තේ රෝහාණි පාර්ශවයේ අපේක්ෂකයන් බවටයි වාර්තා වන්නේ

ඉරානයේ ටෙහෙරාන් නුවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මධ්‍යස්ථ මතධාරීන් සහ ප්‍රතිසංස්කරණවාදීන් අතිවිශාල ජයග්‍රහණයක් ලබාගෙන ඇත.

මෙම ජයග්‍රහණය ජනාධිපති හසාන් රෝහානි ගේ දේශපාලන ගමන් මගට ජනතා අනුමැතිය ලැබීමක් බවටයි පෙනී යන්නේ.

දැනට ගණන් කොට ඇති ඡන්ද සංඛ්‍යාවෙන් 90% ක් දිනා ගත් රෝහානි පාර්ශවයේ තරඟකරුවන් විසින් නගරය සඳහා වූ පාර්ලිමේන්තු ආසන 30 සඳහාම තෙරී පත්වනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයා පැවසුවේ න්‍යෂ්ඨික බලය පිලිබඳ ඉරානය හා ලෝක බලවතුන් අතර අත්සන් කෙරුණු සම්මුතියෙන් පසු පැවැත්වුණු ප්‍රථම මැතිවරණය මගින් තම රජය ශක්තිමත් කරනු ලැබ ඇති බවයි.

එහෙත් කුඩා නගර සහ පිටිසරබද ප්‍රදේශ වල ලැබී ඇති මිශ්‍ර ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ ගතානුගතික සහ දැඩි මතධාරීන් ට වැඩි බලයක් ලැබී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර