බලාපොරොත්තුව ජීවිතය කරගත් විතියා

Image copyright anthony nolan
Image caption තවත් මාස දෙකක කාලයක් පමණයි ඇයට ප්‍රතිකාර කිරීම සඳහා ඉතිරිවී ඇත්තේ

ලියුකේමියා රෝගයෙන් පෙලෙන කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් සඳහා ගැළපෙන මූල සෛල දන් දීමට කැමති අයෙකු සෙවීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් මේ දිනවල දියත් වෙමින් තිබේ.

විතියා ඇල්පොන්ස් නම් වූ 24 හැවිරිදි තරුණිය ට ඉදිරි මාස දෙක ඇතුළත මූල සෛල දන් දෙන්නෙකු සොයා ගත යුතුව ඇත්තේ ඇයගේ ජීවිත අවදානමෙන් වහාම ඇය මුදවා ගත යුතුව ඇති බැවිණි.

මේ මෙහෙයුමේ දී ඇයගේ ශ්‍රී ලාංකික සම්භවය ගැටලුවක් වී ඇත්තේ මූල සෛල දන් දෙන්නන් ගේ ලැයිස්තුවේ ලියාපදිංචි වී ඇති ආසියානුවන් අල්ප වීමයි.

ඇන්තනි නොලාන් නම පුණ්‍ය ආයතනය ඇගේ දිවිබේරා දිය හැකි මූල සෛල දන් දෙන්නෙකු සොයන්නේ එබැවිණි.

කාඩිෆ් විශ්ව විද්‍යාලයේ අවසන් වසර ආරම්භ කරනවාත් සමගම ඉතා දරුණු ලේ පිළිකාවක් හේතුවෙන් විතියා ගේ සෞඛ්‍ය තත්වය පිරිහී යාම ආරම්භ විය.

විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් පසු සේවය කිරීම සඳහා ‘ස්පෙක්ට් සේවර්ස්’ ආයතනයේ රැකියාවක් සඳහා ද දැනටමත් තේරී සිටින ඇය තම අනාගතය දෙස සුබවාදී බලාපොරොත්තුවකින් පසුවෙයි.

මුලින්ම පාදයේ අබාධයකින් පෙළුණු ඇය ලන්ඩනයේ පිහිටි රෝහලක් වෙත රැගෙන ඒමට පෙර ‘කීමෝ තෙරපි’ ප්‍රතිකාරයටද ලක් කළ වෛද්‍යවරුන් විසින් කළ අවසාන පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ ඇය ලියුකේමියා රෝගයෙන් පෙලෙන බවයි.

දැන් වෛද්‍යවරුන්ගේ නිගමනය වී ඇත්තේ ඇය වෙනුවෙන් ඇති සුදුසුම ප්‍රතිකාරය ඉතිරි මාස දෙකක් වූ කාලය තුළ මූල සෛල ලබා දීමයි.

ඇගේ සොහොයුරා ගේ ශරීරයේ මුල සෛල ඇය සිරුරට ගැළපෙන්නේ 50% ක ප්‍රමාණයක් පමණක් වන හෙයින් ලොව පුරා සෛල දන් දෙන්නන් අතරින් අයෙකු සොයා ගැනීම එකම විකල්පය වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර