සිව් වියැති දරුවකුගේ 'හිස ගසා දැමූ' කාන්තාවක් අත්අඩංගුවට

Image copyright Reuters
Image caption කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ උමං දුම්රිය ස්ථානය අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් භටයෙක්

කඳින් වෙන් කළ ළමා හිසක් අතැතිව මොස්කව් අගනුවර ගමන් ගත් කාන්තාවක් රුසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ළමා හිස අතැතිව ඇය උමං දුම්රිය ස්ථානයක් අසලින් ගමන් ගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල ඇතුළත්.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට තිබේ.

මධ්‍යම ආසියාවෙන් රුසියාව වෙත පැමිණ ඇති බවට විශ්වාස කෙරෙන ඇය සිඳින ලද හිස අයත් දරුවා බලා කියා ගෙන ඇති බවත් පැවසේ.

මොස්කව් අගනුවර පිහිටි දරුවාගේ දෙමව්පියන්ට අයත් නිවස ගිනි බත් කිරීමට මත්තෙන් ඇය දරුවා ඝාතනය ඇති බවටයි සැක කෙරෙන්නේ.

සිව් වියැති දරුවාගේ හිස රහිත කවන්දය නිවසේ තිබී සොයා ගත් බව බලධාරීහු කියා සිටිති.