ලක්ෂ පහක පිරිසක් සිඩ්නි සමලිංගික පෙළපාලියේ

Image caption සමලිංගික විවාහ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ දේශපාලන පණිවුඩයක් රැගෙන එන බවයි පැවසෙන්නේ

ලෝකයේ වඩාත් විශාලතම සමලිංගික පෙළපාලි වලින් එකක් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සමලිංගික පෙළපාලිය සඳහා ලක්ෂ පහක පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

සමලිංගික විවාහ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ප්‍රබල දේශපාලන පණිවුඩයක් ලබා දීම පිණිස මේ වසරේ පෙළපාලිය උපයෝගී කර ගනු ඇති බවයි වාර්තා වන්නේ.

අගමැති මැල්කම් ටර්න්බුල්, ‘මර්දි ග්‍රාස්’ නමින් හැඳින්වෙන මේ උත්සවය සඳහා සහභාගීවන පළමු ඕස්ට්‍රේලියානු අගමැතිවරයා බවට පත් වෙයි.

ඔහුගේ ගතානුගතිකවාදී රජය ඕස්ට්‍රේලියාවේ විවාහ පිලිබඳ නීති රීති නවීකරණය කිරීම පිණිස ජනමත විචාරණයක් පවත්වන බවට දැනටමත් පොරොන්දු වී ඇත.

මුස්ලිම් ජාතික සමලිංගිකයන්, ‘අයිරිෂ් ඩ්රැග් ක්වීන්ස්’ නමින් හඳුන්වන ගැහැණු වෙස් ගත් පිරිමින් සහ ඔලිම්පික් පදක්කම් ලාභීන් ‘සමලිංගිකයන් නොරිස්සීම’ ට එරෙහිව සිඩ්නි පෙළපාලියේ ගමන් කිරීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර