'ඉස්ලාම් රාජ්‍යයේ ළමයි' බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

Image caption අනාගත ඉස්ලාම් රාජ්‍ය නායකත්වය ඔවුන්ගේ පුහුණුකරුවන්ට වඩා ‘ශුද්ධවූ’ පිරිසක් වනු ඇති බවටයි වර්තමාන නායකයින් විශ්වාසකරන්නේ

ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් විසින් ඔවුන්ගේ පාලනයේ පවතින ප්‍රදේශ වල ළමුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්, ඔත්තුකරුවන් සහ ඝාතකයන් ආදී වූ නව ත්‍රස්තවාදී පරපුරක් ලෙස පුහුණු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සහයෝගයෙන් නිකුත් කළ වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත.

‘ඉස්ලාම් රාජ්‍යයේ ළමුන්’ නමින් හඳුන්වා ඇති මෙම වාර්තාව පවසන්නේ සන්නද්ධකරුවන් විසින් සහාසික ක්‍රියා සාමාන්‍ය දෙයක් බවට ළමුන්ට එත්තු ගන්වනු ලබන්නේ හිස් ගසා මරා දැමූ සාමාන්‍ය මිනිසුන්ගේ හිස් යොදාගෙන පාපන්දු ක්‍රීඩා කරවීමෙන් බවයි.

ගවේෂකයන් පවසන්නේ මෙවන් පරිසරයක් තුළ හැදී වැඩෙන අනාගත ඉස්ලාම් රාජ්‍ය නායකත්වය ඔවුන්ගේ පුහුණුකරුවන්ට වඩා ‘ශුද්ධවූ’ පිරිසක් වනු ඇති බවට වර්තමාන නායකයින් විශ්වාස කරන බවයි.

සර්වාගමික වටිනාකම් සහිත පරිසරයක හිඳීම තුලින් තමන් ‘කිළිටි’ වී ඇති බවටයි වර්තමාන ඉස්ලාම් රාජ්‍ය සාමාජිකයන් විශ්වාස කරන්නේ.

ලන්ඩනයේ කියුලියම් පදනම (Quilliam Foundation) සහ ළමා සොල්දාදුවන් පිලිබඳ කැනඩාවේ රෝමියෝ ඩලේයිර් (Romeo Dallaire) ආයතනය විසින් මෙම වාර්තාව බදාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර