ඉන්දියාවට 'ත්‍රස්ත බියක්'

ත්‍රස්ත තර්ජන හේතුවෙන් ප්‍රධාන නගර ඇතුළු බොහෝ ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට කටයුතු කොට ඇති බව ඉන්දීය බලධාරීහු පැවසූහ.

බටහිර දිග ගුජරාට ප්‍රාන්තය තුළට පාකිස්තාන ප්‍රහාරකයන් කණ්ඩායමක් ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ වාර්තා කිරීමෙන් අනතුරුව එම ප්‍රාන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී ඇත.

ගුජරාට ප්‍රාන්තයට කමාන්ඩෝ භට කණ්ඩායම් යවා ඇති අතර සඳුදාට යෙදෙන මහා ශිවරාත්‍රී උත්සවය පැවැත්වෙන ප්‍රධාන හින්දු කෝවිල් තුළ ආරක්ෂාව තර කොට තිබේ.

කල්කටා නුවර ප්‍රධාන ගුවන් තොටුපල තුළත් ඒ හා සමාන ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කොට ඇත.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ කල්කටා ගුවන් තොටුපල පුපුරවා හරින බව සඳහන් ඊමේල් පණිවුඩයක් ලැබීම හේතුවෙන් එම පියවර ගත් බවයි බලධාරීන් කියා සිටියේ.