ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගව මුත්‍රා ලන්ඩන් වෙළෙඳපොළේ

එස් එල් සෙනෙහෙධීර

බීබීසී සිංහල

ගවයා හින්දු බැතිමතුන් අතර පූජනීයත්වයට පත් වූ සතෙක් වන අතර ගවයා සම්පතක් ලෙස සැලකෙන්නේ කිරි ලබා ගැනීම වැනි ආර්ථික වශයෙන් ඵලදායී කරුණු සැලකිල්ලට ගැනීමෙන්.

එළදෙනුන්ගෙන් ලබාගන්න කිරි බීමට ගැනීම මෙන්ම පෝෂ්‍යදායී අහාර බවට පත් කර මිනිස් පරිභෝජනයට ගැනීමත් බහුලව සිදුවන්නකි. එහෙත් ගවයින්ගේ මුත්‍රා මිනිස් පරිභෝජනය සඳහා ලන්ඩනයේ වෙළඳසැල් වල විකිණීමට තබා ඇති බව වාර්තා වීම බොහෝ දෙනෙකු බලාපොරොත්තු නොවූ සිදුවීමකි.

එංගලන්තයේ ලන්ඩන් නුවර ආසනන්යේ ඇති වොට්ෆර්ඩ් හරේ ක්‍රිෂ්ණා ආරාමයේ විධායක කළමනාකාරවරයා පවසන ආකාරයට ඔවුන් ගව මුත්‍ර අලෙවි කිරීම අරඹා ඇත්තේ මීට දශක ගණනාවකට පෙර දීය.

ආසියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ගව මුත්‍ර සඳහා පමණක් නොව ගොම සඳහා ද ඉල්ලුමක් ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. ඔවුන් ඒවා ආගමික පුද පුජා පැවැත්වීම සඳහා පමණක් නොව ඖෂධයක් ලෙසත් භාවිතා කරන බවයි ඔහු අදහස් කරන්නේ.

ලන්ඩන් නුවර ඇතැම් වෙළඳසැල් වල බෝතල් කරන ලද ගව මුත්‍රා විකිණීමට තබා තිබෙන අතර එය බ්‍රිතාන්‍ය නීතිය අනුව නීත්‍යනුකූල නොවන බවටත් මත පළවී තිබේ.

මේ ගවමුත්‍ර පානය කිරීම පිලිබඳ තවත් තොරතුරු වලට ඉහත හඬ පටයෙන් සවන් දිය හැකියි.