මියන්මාර ජනාධිපති අපේක්ෂකයන් නම් කෙරේ

Image caption අවුන් සාං සුකී ගේ සමීප අධාරකරුවෙකු වූ ටින් යෝ (Htin Kyaw) ජනාධිපතිවරයා වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ

මියන්මාරයේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කර ගෙන සිටින ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය’ විසින් ජනාධිපති පදවිය සඳහා අපේක්ෂකයන් නම් කරනු ලැබ තිබේ.

මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් මාස හතරකට පසුවයි මෙසේ ජනාධිපති පදවිය සඳහා අපේක්ෂකයන් නම් කර ඇත්තේ.

නම් කරන ලද අපේක්ෂකයන් අතරින් එක් අයෙකු පක්ෂ නායක අවුන් සාං සුචී ගේ සමීප අධාරකරුවෙකු වූ ටින් යෝ (Htin Kyaw) බවටයි වාර්තා වන්නේ.

මියන්මාරයේ සුළු ජාතික ‘චින්’ ජන ප්‍රජාවට අයත් හෙන්රි වැන් තියෝ (Henry Van Thio)අනෙක් අපේක්ෂකයා යි.

හමුදාව විසින් සකස් කරන ලද මියන්මාර ව්‍යවස්ථාවට අනුව අවුන් සාං සුචී ජනාධිපති පදවියට පත්වීම වලක්වා ඇත.

ජනාධිපති පදවිය සඳහා වූ තුන්වැනි අපේක්ෂකයා නම් කරනු ලබන්නේ යුද හමුදාව විසිනි.

මියන්මාරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ ටින් යෝ (Htin Kyaw) අවුන් සාං සුචී ගේ ආදේශකයා ලෙසින් කටයුතු කරනු ලබන ජනාධිපතිවරයා ලෙස පත් වනු ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර