යුරෝපා-රුසියානු ප්‍රථම ඒකාබද්ධ අඟහරු මෙහෙයුම

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුරෝපය සහ රුසියාව එක්ව සිය ප්‍රථම ඒකාබද්ධ අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම දියත් කොට තිබේ.

අඟහරු ග්‍රහයා මතු පිටට ගොඩ බැස්සීමට නියමිත අනු යානය රැගත් රොකටය කසකස්තානයේ 'Baikonur Cosmodrome' අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය.

රතු ග්‍රහයා මත පවතින මීතේන් වායු මූලාශ්‍ර හඳුනා ගැනීමේ උත්සහයක් වශයෙන් ඒ වෙත චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමත් යුරෝපා-රුසියානු ඒකාබද්ධ අභ්‍යවකාශ වැඩසටහනේ එක් අංගයක්.

අඟහරු මත මීතේන් වායු මූලාශ්‍ර නිෂ්පාදනය වන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් බවටද මතයක් පවතී.

රුසියාව මීට ඉහතදීද අඟහරු මෙහෙයුම් දහනවයක් දියත් කළ නමුත්, එම මෙහෙයුම්වලින් බොහොමයක් අසාර්ථක විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර