බ්‍රසල්ස් නුවර ප්‍රහාරයකින් 31ක් මරුට

Image copyright PA
Image caption මේ වන විට ගුවන්තොටුපල සහ දුම්රිය සේවා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ

බ්‍රසල්ස් ගුවන් තොටුපලේ සහ දුම්රිය ස්ථානයක සිදු වූ ප්‍රහාර වලින් අවම වශයෙන් 31 දෙනෙකු මියගොස් ඇති බව බෙල්ජියම් ජන මාධ්‍ය පවසයි.

සවෙන්ටෙම් (Zaventem) ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තය තුළ පිපිරුම් දෙකක් සිදුවුයේ බෙල්ජියමේ වේලාවෙන් උදෑසන 8.00 ට පමණය.

ඉන් පැයකට පසු මාල්බීක් (Maalbeek) දුම්රිය ස්ථානයේ දී තවත් පිපිරීමක් සිදුවිය. මෙම දුම්රිය ස්ථානය යුරෝපා සංගමයේ කාර්යාල වලට සමීපව පිහිටා තිබේ.

මේ වනවිට ගුවන්තොටුපල සහ දුම්රිය සේවා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරය සිදුවුයේ පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන අබ්දෙස්ලාම් බ්‍රසල්ස් නුවර දී අත් අඩංගුවට ගෙන දින හතරකට පසුවය.

'බෙල්ගා' ප්‍රවෘත්ති ආයතනය වාර්තා කළේ පිපිරුම් දෙකට ප්‍රථම වෙඩි තැබීමේ හඬ සහ අරාබි බසින් කෑගසන හඬ ද ඇසුණු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර