අමාත්‍යංශ හතරක් සමග අවුන් සාං සුචි කැබිනට් මණ්ඩලයට

Image copyright EPA
Image caption ව්‍යවස්ථාව මගින් ඇය ජනාධිපති පදවිය ඉසිලීම වළක්වා තිබේ

දශක ගණනාවක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ අරගලයකින් පසු අවුන් සාං සුචි ට මියන්මාර පාර්ලිමේන්තුවේ කැබිනට් ආසනයක් හිමි වී තිබේ.

පසුගිය මහ මැතිවරණයෙන් ජයගත් නොබෙල් ත්‍යාගලාභී සුචී, ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය’ මගින් පිහිටුවණු ලැබූ නව රජයේ අමාත්‍යංශ හතරක් සඳහා නායකත්වය ලබා දෙනු ඇත.

විදේශ කටයුතු, අධ්‍යාපන, විදුලිය සහ බලශක්ති යන අමාත්‍යාංශ ඇය යටතට ගැනෙන අතර ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා වන්නේද ඇයයි.

මෙයට හේතුව වී ඇත්තේ පවතින ව්‍යවස්ථාව මගින් ඇය ජනාධිපති පදවිය ඉසිලීම වළක්වා තිබීමයි.

ඒ අනුව ජනධිපති පදවියේ සියළු කටයුතු සුචි ගේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවුවද ඒ මගින් ගෙනෙන පණිවුඩය වන්නේ ඇය ට රාජ්‍ය පාලනයට අදාලව තවත් බල තල අවශ්‍ය බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර