'රුසියාවට තවත් බොහෝ දේ කළ හැකියි' - ජෝන් කෙරී

Image caption රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රෝව් සමග සාකච්ඡාවක් සඳහායි ඔහු මොස්කව් නුවරට ගොස් සිටින්නේ

සිරියාව වෙනුවෙන් තවත් බොහෝ දේ කිරීමට රුසියාවට හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.

මොස්කව් නුවර සංචාරයක යෙදී සිටින අතරතුර දී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ දැනට ස්ථාවර බවක් නොපෙනෙන සටන් විරාමය පවත්වාගෙන යාම සඳහා රුසියාවට විශාල කාර්යභාරයක් කළ හැකි බවයි.

ගැටුම් වල අඩුවීමක් පෙන්නුම් කල ද සිරියානු ජනතාව විශාල වශයෙන් මානවීය ආධාර අවශ්‍යතාවයකින් පෙළෙන බැවින් ඒවා ලබා දීම වෙනුවෙන් රුසියාවට කළ හැකි මෙහෙය ඇති විශාල බවයි ඔහු අවධාරණය කළේ.

ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රෝව් සමග සාකච්ඡාවක් සඳහායි මොස්කව් නුවරට ගොස් සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර