ඔබාමාට පසු 'රෝලින් ස්ටෝන්' කියුබාවේ

Image copyright Getty
Image caption කලකට ඉහත දී කියුබාවේ කොමියුනිස්ට් පාලනය විසින් බටහිර රොක් සංගීතය තහනම් කරනු ලැබ තිබුණි.

ලොව පුරා අති විශාල ප්‍රසිද්ධියක් උසුලන ‘රෝලින් ස්ටෝන්ස්’ රොක් සංගීත ප්‍රසංගය සිකුරාදා රාත්‍රියේ කියුබාවේ දී නොමිලේ වේදිකා ගත කිරීමට නියමිතව තිබේ.

මේ සඳහා ලක්ෂ පහකට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වනු ඇති බවටයි අපේක්‍ෂා කරන්නේ.

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ගේ ඓතිහාසික කියුබානු චාරිකාවෙන් දින තුනකට පසුව පැවැත්වෙන මෙම ප්‍රසංගය කියුබාවේ සිදුවෙමින් පවතින පරිවර්තනය සැබෑ ලෙස හුවා දක්වන බවයි පෙනීයන්නේ.

හවානා ගුවන් තොටුපලේ දී ගුවන් යානයෙන් එලියට පැමිණි සැනින් මාධ්‍යයට අදහස් දැක වූ බ්‍රිතාන්‍ය යේ ප්‍රමුඛ පෙලේ ගායකයෙක් වන මයික් ජැගර් (Mick Jagger) පැවසුවේ හවානාවට පැමිණීම පිලිබඳ තමන් සතුටු වන බවයි.

“කාලය හැම දේම වෙනස් කරනව. අපි හරිම සතුටුයි මෙහෙ එන්න ලැබීම ගැන. මට හොඳටම විශ්වාසයි අපිට ඉතා අගනා සංදර්ශනයක් හෙට කරන්න ලැබෙන බවට. අපි දැනටම හොඳට සුදානම් වෙලා ඉන්නෙ” යනුවෙන් ඔහු පැවසීය.

කලකට ඉහත දී කියුබාවේ කොමියුනිස්ට් පාලනය විසින් ‘බීට්ල්ස්’ සහ ‘එල්විස් ප්‍රෙස්ලි’ ඇතුළු බටහිර රොක් සංගීතය තහනම් කරනු ලැබ තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර