පාස්කු සුභ පැතුම මරු කැඳවයි

Image caption මරණයට පත් අසාද් ෂා ජනතාව අතර මහත් ආදරයට පාත්‍රව සිටි අයෙකු බවයි පැවසෙන්නේ

පොලීසිය පවසන ආකාරයට අගතිගාමී අදහස් දරන්නවුන් විසින් පහර දී මරා දැමුණු මුස්ලිම් වෙළඳසැල් හිමියෙකු සිහිකිරීම සඳහා ග්ලාස්ගෝ නගරයේ පැවති සාමකාමී හමුවකට සිය ගණනක් ස්කොට්ලන්ත ජනතාව එක්වී සිටියහ.

අඟහරුවාදා සිදු කළ මෙම ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරු ද මුස්ලිම් ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.

මරණයට පත් වූ අසාද් ෂා තමා ඇලුම් කළ කිතුනු ජනතාවට ‘සුභ ඊස්ටර් සතියක් වේවා’ (Happy Easter) යනුවෙන් අන්තර්ජාලයේ සුභ පැතුමක් ලියා තිබුණි.

ඔහු වෙනුවෙන් ශෝකවන්නන් පවසන්නේ ෂා ජනතාව අතර මහත් ආදරයට පාත්‍රව සිටි අයෙකු බවයි.

මෙම ස්මරණය කිරීමේ වැඩසටහනට ස්කොට්ලන්ත රජයේ අමාත්‍යවරුන් මෙන්ම ග්ලාස්ගෝ නගර සභා ප්‍රධානියා ද සහභාගී වූ බවයි වාර්තාවන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර