හිලරි පරදා බර්නි වොෂින්ටනය ජයගනී

Image copyright Getty
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් ට මුහුණ දිය හැකි හොඳම ජනාධිපති අපේක්ෂකයා තමන් වන බවයි බර්නි අවධාරණය කර සිටියේ

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම් මාලාවේ දී මෙවර වොෂින්ටනය, ඇලස්කා සහ හවායි ජනපද සඳහා පැවති ඡන්දයෙන් හිලරි ක්ලින්ටන් පරදවා ඩිමොක්ක්‍රටික් පක්ෂය තුළ ඇගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ බර්නි සැන්ඩර්ස් ජයග්‍රහණය ලබා ඇත.

තම ආධාරකරුවන් අමතමින් ඔහු කියා සිටියේ සමස්ථ ජනපද සලකාබැලීමේ දී හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය අබියස සිටියද තමන්ට තවමත් ඇය පරදවා ජය ලැබීමේ හැකියාව පවතින බවයි.

රිපබ්ලිකන් පක්ෂයේ ඉදිරියෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ට මුහුණ දිය හැකි ඩිමොක්ක්‍රටික් පක්ෂයේ හොඳම ජනාධිපති අපේක්ෂකයා තමන් වන බවයි බර්නි අවධාරණය කර සිටියේ.

මෙම ජයග්‍රහණයෙන් බර්නි සැන්ඩර්ස් ට නව ජවයක් ලැබුණද හිලරි ක්ලින්ටන් පරදා නාම යෝජනා ලබා ගැනීමට නම් ඔහුට ඉතිරි ජනපද වල ඡන්ද විමසීම් වල දී ඉතා ඉහළ ප්‍රතිශතයක ප්‍රතිඵල පෙන්විය යුතුව ඇති බවයි විමර්ෂණ වලින් පෙනී යන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර