පනස් වසරකට පසු ජනතා ඡන්දයෙන් ආ මියන්මාර ජනපති

Image caption වයස 69 ක් වන ටින් ජෝ දිවුරුම් දෙමින් පැවසුවේ මියන්මාර ජනතාවගේ විශ්වාසය රකිමින් කටයුතු කරන බවයි

වසර පනහකටත් වැඩි කාලයකට පසු මියන්මාරයේ පළමු වරට ජනතා ඡන්දයෙන් තෙරීපත්වුනු ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ(NLD) ටින් චෝ (Htin Kyaw) ජනාධිපති පදවිය භාර ගත්තේ තම පස්වසරක පාලන කාලය තුළ ප්‍රතිසංස්කරණයන් රාශියක් සිදුකළ හිටපු ජනාධිපති තෙයින් සෙයින් (Thein Sein) වෙතිනි.

පවතින ව්‍යවස්ථාව අනුව NLD නායිකා අවුං සාන් සූචි ට ජනාධිපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති හෙයින් පසුබිමේ සිට තමන් පාලනය ගෙන යන බව ඇය පවසා ඇත.

Image caption පවතින ව්‍යවස්ථාව අනුව අවුං සාන් සූචි ට ජනාධිපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැත

ටින් චෝ, අවුං සාන් සූචි (Aung San Suu Kyi) ගේ වඩාත් විශ්වාසවන්ත හිතවාදියා ලෙසටයි සැලකෙන්නේ.

නොවැම්බර් මාසයේ දී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ(NLD) ලැබූ අති විශාල ජයග්‍රහණයෙන් පසු බලය හුවාමාරු කිරීම මේ දිවුරුම් දීමත් සමග සම්පුර්ණ වේ.

වයස 69 ක් වන ටින් චෝ (Htin Kyaw) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙමින් පැවසුවේ මියන්මාර ජනතාවගේ විශ්වාසය රකිමින් කටයුතු කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර