ගරිස්සා සමූහ ඝාතනය සිදුවී වසරක් ගතවෙයි

Image caption විපතට පත් වුවන් සිහි කිරීම පිණිස ගරිස්සා විශ්ව විද්‍යාලයේ තනා ඇති ස්මාරකය

පුද්ගලයන් 148 දෙනෙකු ට ජීවිත අහිමි වූ කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයේ සමුහඝාතනය සිදු වී අදට වසරක් ගතවී තිබේ.

දහස් ගණන් කෙන්යානුවන් නගරයට රැස්වී එම සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිකිරීම වෙනුවෙන් අන්තර් ආගමික යාඥාවන් පැවැත්වූ බවයි වාර්තාවන්නේ.

සමරු වැඩසටහන පැවති ප්‍රදේශය තුළ දැඩි ලෙස ආරක්ෂා ව තර කොට ඇති අතර නයිරෝබි අගනගරය හා තවත් ප්‍රදේශ වල ඉටිපන්දම් දල්වා කරන නිහඬ සිහිකිරීම් සහ යාඥාවන් සංවිධානය කර තිබෙන බවද සඳහන්.

පසුගිය වසරේ දී අල් ශබාබ් (al-Shabab) තුවක්කුකරුවන් සරසවි ශිෂ්‍ය නේවාසිකාගාර වලට ඇතුළු වී සිසුන් ට වෙඩි තැබීමෙන් පසු තවත් බොහෝ දෙනෙකුව පෙළ ගස්වා මරා දමා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර