ඕස්ට්‍රේලියාවේ සරණාගත ළමුන් නිදහස් පරිසරයකට

Image caption තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ

ඕස්ට්‍රේලියාව තුළ ඇති අනවසර සංක්‍රමණිකයන් සඳහා වූ තාවකාලික රැඳවුම් කඳවුරු වල රඳවාගෙන සිටි අවසාන සරණාගත ළමයා ද නිදහස් කළ බව එරට රජය පවසයි.

මේ අනුව මෙසේ නිදහස් කළ ළමුන්ට ඔවුන්ගේ සරණාගතභාවය ලබාගැනීම පිලිබඳ අයැදුම් පත් සලකා බලන තුරු නිදහසේ ඔබ මොබ ඇවිද යාමට අවසර ලැබෙන ප්‍රජා රැඳවුම් ඒකක වල ගත කළ හැකි වේ.

Image copyright
Image caption පැසිෆික් හි ඇති පාළු නාවුරු දූපත

මෙම ළමුන්ගේ දෙමව්පියන් ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට හැකිවී ඇති අතර ඔවුන් පාළු පැසිෆික් දුපතක් වන නාවුරු වෙත යැවීම නවතාලීම සඳහා මානව හිමිකම් සංවිධාන ක්‍රියාකරමින් සිටිති.

කෙසේවුවද තවත් ළමුන් පිරිසක් තවමත් නාවුරු රැඳවුම් කඳවුරු තුළ රඳවාගෙන සිටින බවයි වාර්තාවන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර