අනාථයන් රැගත් පළමු යාත්‍රාව තුර්කියට පැමිණෙයි

Image copyright AFP
Image caption මෙසේ පැමිණෙන සරණාගතයන්ගෙන් වැඩි පිරිසක් පකිස්තාන ජාතිකයන් බවයි පැවසෙන්නේ

ග්‍රීසියෙන් පිටත්කර යැවූ සරණාගතයන් රැගත් ප්‍රථම යාත්‍රාව තුර්කියේ දිකිලි (Dikili) වරාය වෙත පැමිණ ඇත.

යුරෝපයට දැඩි බලපෑමක් එල්ලවී ඇති අනවසර සංක්‍රමණික ගැටළුවට විසඳුමක් ලෙස යුරෝපා සංගමය සහ තුර්කිය අතර ඇතිකරගත් එකඟතාවයක් අනුවයි මෙසේ ග්‍රීසියට පැමිණි අනවසර සංක්‍රමණිකයන් තුර්කිය වෙත යවනු ලබන්නේ.

තවත් මෙවැනි යාත්‍රාවක් තුර්කිය වෙත පැමිණෙමින් තිබෙන අතර මෙම යාත්‍රා මගින් සංක්‍රමණිකයන් 130 කට වැඩි පිරිසක් රැගෙන එනු ලබන බවයි වාර්තා වන්නේ.

මෙසේ පැමිණෙන සරණාගතයන්ගෙන් වැඩි පිරිසක් පකිස්තාන ජාතිකයන්ය.

මෙලෙස ග්‍රීසියෙන් පැමිණෙන්නන් අතර සිරියානු සංක්‍රමණිකයන් සිටී නම් ඔවුන් දකුණු තුර්කියේ තිබෙන සරණාගත රැඳවුම් කඳවුරු වෙත යවන බවයි තුර්කි බලධාරීන් පවසන්නේ.

සිරියානු නොවන අනෙකුත් සියලුම ජාතිකයන් ඔවුන්ගේ මව් රටවලට යවන තුරු පිටුවහල් කිරීමේ මධ්‍යස්ථාන වල රඳවාතැබීමට නියමිතව තිබේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර