මියන්මාරයේ දේශපාලන සිරකරුවන්ට නිදහස

Image copyright epa

එළඹෙන සති කිහිපය තුල මියන්මාරයේ බන්ධනාගාර ගත කොට සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරන බව අවුන් සාන් සූචී ගේ නායකත්වයෙන් පත් වූ නව රජය ප්‍රකාශ කරයි.

මේ යටතේ පන්සීයකට ආසන්න දේශපාලන සිරකරුවන් ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

Image copyright AFP

දැනටමත් චෝදනා ඔප්පු වී සිර දඬුවම් විඳින ක්‍රියාධරයන්ට සමාව ලබා දෙනු ඇති අතර තවමත් අධිකරණ ඔස්සේ නඩු විභාග කෙරෙන ක්‍රියාධරයන්ට එරෙහිව පවරා ඇති නඩු ඉවත් කර ගැනීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

අගමැතිට සමාන බලතල හිමි මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා තනතුර නිර්මාණය කිරීමෙන් පසු ඉතා වැදගත්ම කාර්යයක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් සිය අවධානය යොමු වන බවයි මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සූචී කියා සිටියේ.

දිගු කාලයක් මුළුල්ලේ මියන්මාරයේ පැවති හමුදා පාලනය යටතේ බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය පදනම් කර ගෙන සිර ගත කරනු ලැබීය.

සබැඳි විෂයයන්