පැරිස් ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැක කරන අබ්රිනි අත්අඩංගුවට

Image copyright Belgian Police

පසුගිය වසරේ ප්‍රංශයට එල්ල කෙරුණු පැරිස් ප්‍රහාර මාලාවේ ඉතිරි වී ඇති ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් අබ්රිනි අත්අඩංගුවට ගැනීමට බෙල්ජියන් පොලිසිය සමත් වූ බව එරට ජනමාධ්‍ය ප්‍රකාශ කරයි.

බෙල්ජියම් ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයෙකු බ්‍රසල්ස් ගුවන් තොටුපොළෙන් ඉවතට යන ආකාරය cctv කැමරා වල සටහන් වූ අතර බෙල්ජියන් පුවත් සේවා වාර්තා කරන්නේ ඔහු බොහෝ දුරට මොහොමඩ් අබ්රිනි විය හැකි බවයි.

Image copyright Getty
Image caption බෙල්ජියම් ප්‍රහාරයේ සැක කරු cctv කැමරා වල සටහන් වූ අයුරු

ඊට අමතරව බ්‍රසල්ස් නුවරට එල්ල කෙරුණු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි බෙල්ජියම් නීතිපති කාර්යාලය නිවේදනය කර තිබෙන්නේ.

බෙල්ජියමේ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ උමං දුම්රියපොලක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ප්‍රහාර වලින් පුද්ගලයන් තිස්දෙකක් ඝාතනය වූ අතර පැරිස් ප්‍රහාර මාලාවෙන් ඝාතනය වූ ප්‍රමාණය එකසිය තිහකි.

සබැඳි විෂයයන්