පැනමා ලිපිගොණු: බ්‍රිතාන්‍ය අගමැතිට කම්කරු පක්ෂයෙන් චෝදනා

Image caption ‘බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’ සමාගම බදු නොගෙවා සිටීමේ අරමුණින් ආරම්භ කළ එකක් නොවන බවයි අගමැති කැමරන් ප්‍රකාශ කළේ.

තම පියා ජීවත්ව සිටිය දී ආරම්භ කරන ලද විදේශ සමාගම් වල කොටස් සඳහා තමා ද හිමිකම් කියන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් පිළිගෙන තිබේ.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවංකව කටයුතු කර නොතිබීම පිළිබඳව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ දෝෂ දර්ශනයට ලක්වී සිටී

බ්‍රහස්පතින්දා බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැවසුවේ තමා 2010 වසරේ දී අගමැති පදවියට පත්වීමට පෙර තමා සතු කොටස් විකුණා සියළු බ්‍රිතාන්‍ය පවුම් 30,000 කට අදාළ බදු මුදල් ගෙවා තිබූ බවයි.

Image caption අග්‍රාමාත්‍ය කැමරන් ගේ පියා වූ ඉයන් කැමරන්‘බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’ සමාගමේ අධයක්ෂක මණ්ඩල සාමාජිකයෙකු බවටයි හෙළිවී ඇත්තේ

‘බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’ (Blairmore Holdings) සමාගම බදු නොගෙවා සිටීමේ අරමුණින් ආරම්භ කළ එකක් නොවන බවයි අගමැති කැමරන් ප්‍රකාශ කළේ.

අගමැතිවරයා කළ ආකාරයට ධනය ආයෝජනය කළ අනෙකුත් පුද්ගලයන් අගමැතිවරයා ගේ චෝදනාවට ලක් වුයේ එවැනි ක්‍රියා ‘සදාචාර සම්පන්න’ නැති බවට පවසමින් බවයි කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ටොම් වොට්සන් චෝදනා කර තිබුණේ.

පසුගිය දා ‘පැනමා ලිපිගොණු’ නමින් පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගමේ ගණුදෙනු සම්බන්ධ මිලියන එකොළහක ලිපිගොණු එළිදැක්වීමත් සමග ආයෝජනය කරන ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා‘බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’ (Blairmore Holdings) නමින් සමාගමක් 2006 වසර දක්වා යොදාගත් බවටයි පුවත් සිරස්තල මතුවූයේ.

ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම සඳහා ස්විස්ටර්ලන්තයට හෝ බහමාස් වෙත ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් පස් දෙනා ගෙන් එක් අයෙකු අග්‍රාමාත්‍ය කැමරන් ගේ පියා වූ ඉයන් කැමරන් බවයි පෙනීයන්නේ.

බ්‍රහස්පතින්දා ITV රුපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශයේ දී තමා සතුව ‘බ්ලෙයාර්මෝර් හෝල්ඩින්ස්’හි කොටස් ඇති බව පිළිගැනීමට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඩේවිඩ් කැමරන් විසින් ප්‍රකාශ හතරක් නිකුත් කර තිබුණ ද අග්‍රාමාත්‍යවරයා ගේ සම්බන්ධය පිලිබඳ සඳහන් වී නොතිබුණි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර