උතුරු කොරියාව අන්තර්මහාද්වීපික මිසයිල ප්‍රහාරයකට සැරසෙයි

Image copyright Reuters
Image caption මේ මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කිරීමේ තම හැකියාව තවත් වැඩිවන බවයි උතුරු කොරියාව පවසන්නේ

අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් සඳහා නව එන්ජිමක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

මේ මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කිරීමේ තම හැකියාව තවත් බලගැන්වෙන බවයි පවසා ඇත්තේ.

උතුරුකොරියානු නායක කිම් ජොන් ඉල් විසින් මෙම අත්හදා බැලීම පෞද්ගලිකවම අධීක්ෂණය කරනු ලැබූ බවයි එරට ජනමාධ්‍ය පවසන්නේ.

ජනවාරි මාසයේ සිදුකළ හතරවැනි න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් පසු පියොන් යැන් පාලනය විසින් තම න්‍යෂ්ඨික වැඩසටහන වැඩි දියුණු කිරීම පිණිස ගන්නා ලද පියවර මාලාවේ නවතම පියවර මෙයයි.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් සම්බාධක වටයක් ඇරඹීම සිදුවනු ඇත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පියොන් යැන් පාලනයෙන් ඉල්ලා ඇත්තේ අතිශයෝක්තියෙන් යුතු ක්‍රියා මගින් අනවශ්‍ය කලබල ඇති කිරීමෙන් වැලකී සිටින ලෙසටයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර