කේරළයේ හින්දු දෙවොලක ගින්නකින් සියයක් මරුට

Image caption දේවාලය තුළ තිබූ ගිනිකෙළි භාණ්ඩ තොගයකට ගිනි ඇවිලීමෙන් පිපිරීම සිදුවී තිබේ.

හින්දු දේවාලයක ඇති වූ ගින්නකින් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති බව දකුණු ඉන්දියානු කේරළ ප්‍රාන්තයේ පොලීසිය පවසයි.

තවත් තුන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

අනතුර සිදුවූ ස්ථානයට ගොස් සිටින ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි පැවසුවේ මෙය වචනයෙන් විස්තර කළ නොහැකි ඛේදවාචකයක් බවයි.

Image caption සියයකට වැඩි පිරිසක් මියගොස් තුන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටිති

පරාවුර් (Paravur) හි පුටින්ගල් (Puttingal) දේවාලය තුළ තිබූ ගිනි කෙළි භාණ්ඩ තොගයකට ගිනි ඇවිලීමෙන් ඇතිවූ මහා පිපිරීමකින් හට ගත් ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටී තිබේ.

කිලෝමීටර ගණනාවක් ඈත පිහිටි නිවෙස් වලට ද පිපිරීම දැනුණු බවයි පැවසෙන්නේ.

හින්දු දේවාලයේ වාර්ෂික උත්සවයකට දහස් ගණන් බැතිමතුන් පැමිණ සිටි අවස්ථාවකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර