කේරළ ගින්න: පස් දෙනෙක් අත්අඩංගුවට

Image caption පැමිණ සිටි බැතිමතුන්ගේ ඉල්ලීම මත ගිනිකෙළි දැක්ම පවත් වූ බවයි බලධාරීන් පවසන්නේ

වාර්ෂික උත්සවයකට සහභාගීවෙමින් සිටි සියයකට වැඩි බැතිමතුන් පිරිසකගේ ජීවිත අහිමි කරමින් කේරළ ප්‍රාන්තයේ හින්දු දේවාලයක ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් පස්දෙනාම පුටින්ගල් දේවාලයේ සේවය කරන අය වෙති.

මුලික පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට ඔවුන් රඳවාගත් බවයි කොල්ලම් ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් නිලධාරී ප්‍රකාශ් AFP පුවත්සේවයට පවසා තිබුණේ.

Image caption අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් පස්දෙනාම පුටින්ගල් දේවාලයේ සේවය කරන අය වෙති.

හාරසියයකට ආසන්න තවත් පිරිසක් මේ පිපිරීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටිති.

මහා පිපිරීමකට තුඩු දුන් අනවසර ගිනිකෙළි දැක්ම පිළිබඳවයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින්නේ.

නිලධාරීන් පවසන්නේ ආරක්ෂක හේතු මත ගිනිකෙළි දැක්ම පැවැත්වීම දේවාල බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණ ද පැමිණසිටි අති විශාල බැතිමතුන් පිරිස කළ ඉල්ලීම මත පසුව එය පැවැත්වීමට තීරණය කළ බවයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර