ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජකීය යුවල දිල්ලි යුද ස්මාරකය අබියස

ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය නව දිල්ලියේ පිහිටි යුද ස්මාරකයට ගොස් සිය ආචාරය පුද කළහ.

පළමු ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය හමුදා නියෝජනය කළ ඉන්දීය සෙබළුන් හැත්තෑ දහසක් පමණ මරුමුවට පත් විය.

විලියම් කේට් යුවල දිල්ලිය බලා පැමිණියේ මුම්බායි නුවර තරුණ ව්‍යවසායකයන් හමු වීමෙන් අනතුරුවයි.

දිල්ලියේ පිහිටි ගාන්ධි කෞතුකාගාරය වෙත ගිය රාජකීය යුවල ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි වෙත සිය ගෞරවය පුද කොට තිබේ.

අප්‍රේල් 21 වනදාට යෙදී ඇති බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ අනූ වන ජන්ම දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානය කොට තිබූ ප්‍රිය සම්භාෂණයකටද විලියම් කේට් යුවල සහභාගී විය.