BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • U.S. President Donald Trump points while leaving the stage after speaking during the Unleashing American Energy event at the Department of Energy in Washington, D.C., U.S.

    ඇමෙරිකාවේ ඉන්ධන: ට්‍රම්ප්ගේ "drill, baby, drill" පදයට ලෝකය ම නටයි ද?

    ට්‍රම්ප්ගේ "drill, baby, drill" (හාරන්න බබා හාරන්න) ප්‍රතිපත්තියට සහ පැරිස් දේශගුණික ගිවිසුමෙන් ඉවත් වීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දුනීසියාව ද එය අනුගමනය කළ හැකි බවට ඉඟි කර තිබේ. එය කාබන් විමෝචනය කරන ඉහළ ම රටවල් 10 අතර වේ.

  • "උණක්වත් නොතිබුණ ළමයට තමයි මෙහෙම වුනේ" ගම්පහට නුදුරින් දිවි ගෙවන වාසනා තම දියණිය පිළිකා රෝගයට ගොදුරු වූ ආකාරය එලෙස බීබීසී සිංහල වෙත විස්තර කළාය.

    ඔබේ දරුවාටත් පිළිකාවක් දැයි හඳුනාගන්නේ කොහොම ද?

    පෙබරවාරි 15 වැනිදා ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී ඇති අතර ලොව පුරා දරුවන් ලක්ෂ හතරක් පමණ පිළිකා රෝගීන් ලෙස වාර්ෂිකව හඳුනාගනු ලබන බව වාර්තාවල සඳහන් වේ. "උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු" යන්න මෙවර ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේ ⁣තේමාවයි.

  • අසෝක රන්වල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී මාස දෙකකට පසු BBCයට කිව්වේ මොනවා ද?

    වීඩියෝ, අසෝක රන්වල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී මාස දෙකකට පසු BBCයට කිව්වේ මොනවා ද?, ධාවන කාලය 20,13

    තමා නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවට කළු පැල්ලමක් එකතු වූ බව සිතන්නේ නම් ඒ ගැන කනගාටු වන බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල බීබීසී සිංහල වෙත පැවසීය. "එහෙම හිතනවා නම් ඒක සම්බන්ධයෙන් කනගාටු වෙනවා. ඒක නිවැරදි කර ගන්න මගේ පැත්තෙන් කරන්න පුළුවන් සියලු ම ක්‍රියාවලියන් කරනවා. එහෙම වෙලා තියෙනවා නම්," බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.

  • Norochcholai

    'අද සිට විදුලිය කැපීමක් නෑ': නොරොච්චෝලේ එක් ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙයි

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වී තිබූ එක් ජනක යන්ත්‍රයක් සාර්ථකව ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ප්‍රකාශ කළේ, අද සිට විදුලි සැපයුම් කළමනාකරණය කිරීම සඳහා විදුලිය විසන්ධි කිරීමක් අවශ්‍ය නොවන බව ය.

  • සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (පෙබරවාරි 14 වැනිදා) සමත් විය.

    ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට වාර්තාගත එක්දින තරග ජයක්

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (පෙබරවාරි 14 වැනිදා) සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

සෞඛ්‍යය

වීඩියෝ

විශේෂාංග

සමාජ මාධ්‍ය ඔස්සේ BBC News සිංහල Follow කරන්න

වැඩිපුරම කියැවූ