රුවන්ඩාවෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්

පැය 51 සීමාව පසු කරමින්
ඡායාරූප ශීර්ෂ වැකිය,

පැය 51 සීමාව පසු කරමින්

රුවන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ නායක එරික් දුසින්ගිෂිමනා(Eric Dusingizimana) එක දිගට වැඩිම වේලාවක් පුහුණු දැළ අබියස පන්දුවට පහර දෙමින් සිටිමින් නව ලෝක වාර්තාවක් තැබීය.

ක්‍රිකට් ක්‍රීඩකයකු පුහුණු දැළ අබියස රැඳී සිටීම අතින් මින් පෙර තබා තිබුණ පැය පනස් එකක ගිනස් වාර්තාවයි එරික් දුසින්ගිෂිමනා විසින් බිද හෙළන ලද්දේ.

ඔහු එම දුෂ්කර කාර්යයට යොමු වී ඇත්තේ රුවන්ඩාවේ ගොඩ නැගීමට යන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා අරමුදල් රැස් කිරීමේ පියවරක් වශයෙන් බවයි වාර්තා වන්නේ.

ආධාරකරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

ආධාරකරුවන්

රුවන්ඩා ජාතිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ ප්‍රතිරූපය නංවා ලීමට ගනු ලැබුණ අලුත්ම ප්‍රයත්නය මෙයයි.

තමා එතරම් දීර්ඝ වෙලාවක් පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දු යැවීමට එක් වෙන මෙන් එරික් දුසින්ගිෂිමනා රටේ ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබුණ බවයි වාර්තා වන්නේ.

ටෝනි බ්ලෙයාර් ගේ සහයෝගය
ඡායාරූප ශීර්ෂ වැකිය,

ටෝනි බ්ලෙයාර් ගේ සහයෝගය

සිය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විසින් තබන ලද ලෝක වාර්තාව සහතික කිරීම සඳහා රුවන්ඩාවේ ක්‍රීඩා සහ සංස්කෘතික ඇමතිනී ජුලියන් උවාකු එම අවස්ථාවට සහභාගී වූවාය.

ඊට අමතරව එරික් දුසින්ගිෂිමනාට සහාය පළ කිරීමට බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් අමහොරෝ(Amahoro) ගෘහස්ථ ක්‍රීඩාංගනයට ගොස් සිටියේය.