'සිනමාව බිඳවැටීමට හේතුව දුර්වල නිර්මාණකරණයයි'

'සිනමාව බිඳවැටීමට හේතුව දුර්වල නිර්මාණකරණයයි'

ශ්‍රී ලංකික සිනමාව බිඳවැටීමට සිනමා නිර්මාණ කරුවන්ගේ දුර්වල නිර්මාණකරණය මුලික හේතුවක් වී ඇති බව ප්‍රවීන සිනමා තාක්ෂණවේදී ප්‍රවින් ජයරත්න පවසයි.

ශ්‍රී ලංකාවේ සිනමා තාක්ෂණයේ පුරෝගාමී මෙහෙවරක යෙදී සිටින ‘ඩිල් ෆිල්ම්ස්’ ආයතනයේ ප්‍රධානියා වන ඔහු මේ බව කියා සිටියේ සංදේශය සමග දුරකථන සංවාදයකට එක් වෙමින්.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ශ්‍රී ලංකාව සිනමා තාක්ෂණය අතින් ඉතාමත් ඉහල මට්ටමක පවතින බවයි ප්‍රවින් පවසන්නේ

“නිර්මාණකරුවන්ගේ තියන අසාර්ථකත්වය තමයි මේකට මූලිකවම හේතුවෙලා තියෙන්නෙ. චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා මුදවාහැරීමේත් ප්‍රශ්ණ තියනව. අපි හිතමු ඒ ප්‍රශ්නත් මගහරවාගෙන ෆිල්ම් එක රිලීස් කරගත්තයි කියල, රිලීස් කරාට පස්සේ ප්‍රේක්ෂකයන්ට ෆිල්ම් එක වැළඳගන්න පුළුවන් තත්වයක නැතිවුනාම ලොකු අසාර්ථකත්වයක් ඇතිවෙනව” යනුවෙනුයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාව සිනමා තාක්ෂණය අතින් ඉතාමත් ඉහල මට්ටමක පවතින බව සඳහන් කරන ප්‍රවින් පවසන්නේ ඇතැමුන් තවමත් තාක්ෂණය ගැන කතා කරද්දී ඉන්දියාව හෝ වෙනත් විදේශ රටවල් වෙතටම සිත් යොමුකරන බවයි.

“මම බය නැතුව කියනව අපිට හොඳ ගුණාත්මක භාවයෙන් යුතු චිත්‍රපටයක් කරගන්න අවශ්‍ය පහසුකම් ලංකාවේ ඇතුලෙ තියනව” යනුවෙන් පැවසූ ඔහු සිනමා ශාලා වල පහසුකම් ද වැඩිදියුණු වෙමින් පවතින බවයි සංදේශයේ එස් එල් සෙනෙහෙධීර සමග පැවසුවේ.

ඔහු සමග පැවති සම්පුර්ණ සාකච්ඡාවට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.