කොස්ගම හමුදා කඳවුරේ මහා ගින්නක්

Fire
ඡායාරූප ශීර්ෂ වැකිය,

ගින්නත් සමග අවට අහස කලු වලාකුළු වලින් පිරි ගොස් තිබෙන අතර අඳුර වැටෙත්ම ප්‍රදේශය එකම ගිනි ජාලාවක් ලෙස දිස්වන බවයි එම ස්ථානයේ සිටින ඇය පවසන්නේ.

අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි කොස්ගම යුද හමුදා‍ කඳවුරේ අද (5) සවස ඇතිවු ගින්නකින් පසු එහි පතරොම් සහ පුපුරණ ද්‍රවය ගබඩාව ගිනි ගැනීමෙන් විශාල ගින්නක් සමග පිපිරීම් හට ගෙන තිබේ.

සංදේශයට කරුණු දැක්වූ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසා සිටියේ කඳවුර තුළ ඇති වූ ගින්නක් පතරොම් ගබඩාව දක්වා පැතිරී ඇති අතර මේ වනවිටත් එය පිපිරෙමින් පවතින බවයි.

ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස අවට සිටින ජනතාවගෙන් ඉල්ලා සිටි බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසුවේ ගින්න මැඩ පවත්වන තුරු එම ප්‍රදේශයට නොපැමිණෙන ලෙසයි.

මේ දක්වා තුවාල කරුවන් කිසිවෙක් වාර්තා වී නැති බවද ඔහු සනාථ කළේය.

මේ පිපිරීම් හේතුවෙන් යුද හමුදා කඳවුර අවට වැසියන්ට වහාම ඉවත්වන ලෙස ආරක්ෂක අංශ දැනුම් දීමත් සමග අවට ජනතාව අතර විශාල නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කඳවුර පැත්තකින් වැටී ඇති කොළඹ අවිස්සාවේල්ල හරහා රත්නපුර, බදුල්ල මාර්ගය ද හංවැල්ල සහ පුවක්පිටිය යන ස්ථාන වලින් වසා දමා තිබේ.

මෙම පිපිරීම් කොස්ගම යුද හමූදා කඳවුරේ සිට කිලෝමිටර් හතළිහක් පමණ දුරට ඇසුන බවයි කුරුවිට නගර වැසියෝ පවසන්නේ.

ඒම ප්‍රදේශයට කිසිදු සාමාන්‍ය වැසියෙකු ඇතුළුවිම තහනම් කර තිබෙන අතර ගුවන් හමූදාවේ හෙලිකොප්ටර් යානා වලට එහි ළගාවිමට ඉහළට නැගෙන ගිනි දැල් බාධාවක් වී තිබේ.

පිපිරීම් සිදුව ඇති කොස්ගම යුද හමූදා කඳවුරට ළඟාවීමට පැමිණි ගිනි නිවන හමදාවට ද එහි ළඟා විමට හැකියාවක් ලැබී නැති අතර ඔවුන් කදවුර කිලෝ මිටර් එක හමාරක පමණ දුරකින් ස්ථාන ගතව සිටින බවයි වාර්තා වන්නේ.

ගින්නත් සමග අවට අහස කලු වලාකුළු වලින් පිරි ගොස් තිබෙන අතර අඳුර වැටෙත්ම ප්‍රදේශය එකම ගිනි ජාලාවක් ලෙස දිස්වන බවයි එම ස්ථානයේ සිටින ඇය පවසන්නේ.

1970-77 රජය සමයේ පිහිවනු ලැබූ කොස්ගම සාලාවේ තුනීලෑලි කර්මාන්ත ශාලා භූමියේ මෙම යුද හමදා කඳවුර පිහිටා තිබේ.