විග්නේස්වරන්ට හමුදාවෙන් ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, cimicjaffna.com
මේජර් ජනරාල් මහේෂ් සේනාරත්න
ඉදිරි දස වසර තුළ පමණක් නොව යළි කිසිදාක ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවන බව තමන්ට විශ්වාස යැයි යාපනය පළාත භාර යුද හමුදා සේනාංක ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනාරත්න පවසයි.
ඔහු යාපනය හමුදා මූලස්ථානයේදී ඒ බව කියා තිබුණේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදීයි.
යුද්ධයක් නැති නමුත් යුද හමුදාව උතුරේ රැඳී සිටීම නිසා සාමාන්‍ය වැසියන්ට ඉන් විශාල යහපතක් මෙන්ම සේවාවක් ද සිදු වන බව මේජර් ජනරාල්වරයා සඳහන් කළේය.
උතුරේ සිද්ධස්ථානවල සිදු වන සෑම කටයුත්තකදී මෙන්ම ආපදා අවස්ථාවලදී යුද හමුදාව සාමාන්‍ය වැසියන් සමග ඉතාම මිතුරුව කටයුතු කරන බවද ඔහු පැවසීය.
වසර ගණනාවක් පැවති යුද්ධය නිසා උතුරේ ජනතාව යුද හමුදාව සමග ගනුදෙනු කිරීමන් ඉවත්ව සිටින බවක් පෙනෙන්න්නට ඇතත් යුද හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ කවුරුන්දැයි යන්න තේරුම් ගැනීමටත් ඔවුන්ව හඳුනා ගැනීමටත් උත්සහ කරන මෙන් ඔහු ඉල්ලීමක් කොට තිබේ.
තමන්ට ඇති සියලුම ගැටළු ළගම පිහිටි හමුදා කඳවුර වෙත ඉදිරිපත් කොට සහනයක් ලබාගන්නා ලෙසත්, ඕනෑම දුක්ගැනවිල්ලක් යුද හමුදාව වෙත ඉදිරිපත් කළ හැකි බවත් ඔහු ජනතාවට දැනුම් දී ඇත.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් කියා සිටින්නේ යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇති බැවින් යුද හමුදාව උතුරු පළාතෙන් ඉවත් විය යුතු බවයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් වවුනියාවේදී මෙන්ම උතුරේ ස්ථාන කීපයකදීම පවසා ඇත්තේ යුද හමුදාව උතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට පොලිස් බල ඇණි යොදා උතුරේ වැසියන්ට ආරක්ෂාව සපයා දිය යුතු බවයි.

දමිළ ගැටළු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ට
රටේ වත්මන් තත්ත්වය දෙස බලන විට උතුරේ දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කළ යුතු බවත් සී.වී.විග්නේශ්වරන් මහ ඇමතිවරයා කියා සිටී.