මොහමඩ් මුසම්මිල් රිමාන්ඩ් බන්ධනාගාරයට

රුපියල් ලක්ෂ 62 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙසින් පරිහරණය කළ බවට මොහමඩ් මුසම්මිල් චෝදනා ලබා සිටියි
මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගැනුන ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් ලබන ජුලි 04 වැනි දින දක්වා බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, රුපියල් ලක්ෂ 62 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණ චෝදනා මත අත් අඩංගුවට ගැනුණු ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකවරයා පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ.
සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් ලබාගෙන මන්ත්‍රී ධුරය අහිමි වු පසුව එම වාහනය නැවත භාර නුදුන් බවයි, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ.
ඉන්පසුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලැබූ සැකකරු එම වාහනයම භාවිත කරන අතරවාරයේ, සංස්ථාවෙන්ද නිල වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 62 කට අධික මුදලක් ලබාගෙන එය තම බිරියගේ ගිණුමේ තැන්පත් කර ඇති බවද පොලිසිය පැවසීය.
චෝදනාව සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බවට පොලිසිය කළ ප්‍රකාශය පිළිගත් අධිකරණය සැකකරු රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
නඩු විභාගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, රජය විසින් ඉදිරිපත් කිරීමට සැරසෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ වන කොටස් මර්දනය කිරීමේ අරමුණින් මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවට චෝදනා කළේය.