විනිසුරු දුරකථන ටැප් කිරීම:'ලාල් - හේමන්ත විවාදය'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විනිසුරු දුරකථන ටැප් කිරීම:'ලාල් - හේමන්ත විවාදය'

මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ දුරකථනයට රහසින් සවන් දීමේ අපචාරයක් සිදු වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී හේමන්ත වර්ණකුලසූරිය විසින් කරන ලද ප්‍රකාශය තවත් ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වන ලාල් විජේනායකගේ අභියෝගයට ලක් විය.

අද අධිකරණයට ස්වාධීනව කටයුතු කළ හැකි වාතාවරණයක් ගොඩ නැගෙමින් පවතිද්දී නීතිවේදී හේමන්ත වර්ණකුලසූරිය කළ ප්‍රකාශය ප්‍රබන්ධයක් හැටියටයි ලාල් විජේනායක බීබීසීය සමග මීට ඉහතදී පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක කළ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ජ්‍යෙෂ්ඨ නීතිවේදී හේමන්ත වර්ණකුලසූරිය පවසන්නේ හෙළිදරව් කළ නොහැකි එහෙත් විශ්වසනීය ආරංචි මාර්ගයකින් තමාට එම තොරතුරු ලැබුණු බවයි.

නීතිවේදීන් දෙදෙනාගේ ප්‍රකාශ වලට මෙම හඬ පටන් සවන් දෙන්න.