විශ්ව නාට්‍ය කලාවට එක්කළ දාරියෝ ෆෝ සලකුණ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්ව නාට්‍ය කලාවේ දාරියෝ ෆෝ සලකුණ

ලෝකප්‍රකට ඉතාලි ජාතික නාට්‍ය රචකයෙකු සහ නළුවෙකු වූ දාරියෝ ෆෝ ඊයේ (ඔක්තෝබර් 13) වෙනිදා මෙලොවින් සමුගත්තේය.

ගායකයෙකු, චිත්‍ර ශිල්පියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයකු ද වූ දාරියෝ ෆෝ ගේ නාට්‍ය ලෝක නාට්‍යකලාවේ ගමන් මග වෙනස් කළ නිර්මාණ ලෙස සැලකේ.

මිය යන විට අනූ වැනි වියේ පසුවූ ඔහු ගතානුගතික දේශපාලන සහ සමාජ මතවාද දැඩිලෙස බැහැර කළ නාට්‍යකරුවෙකි.

ගබ්සාව නීතිගත කළයුතුය යන මතවාදය තම නාට්‍ය නිර්මාණ තුළින් සමාජගත කරමින් ඉතාලියේ කතෝලික පල්ලියට එරෙහිවූ දාරියෝ ගතානුගතික ජනමාධ්‍යකරුවන් නිර්දය ලෙස විවේචනය කළේය.

දාරියෝ ෆෝ ගේ නිර්මාණ ඇසුරින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නාට්‍ය නිර්මාණ සහ දාරියෝ නාට්‍ය ශෛලියේ විශේෂතා පිළිබඳව ප්‍රවීන නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්න ගේ අදහස් ද එක්කොට එස් එල් සෙනෙහෙධීර සැකසූ වාර්තාවට ඉහත හඬ පටයෙන් සවන්දෙන්න.