ආරක්‍ෂක ලේකම්ට නොතීසි

  • 2016 දෙසැම්බර් 1
Image caption ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

මාලඹේ ප්‍රදේශයේ පහත් බිමක් ගොඩකිරීම පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කරයි.

අදාළ ඉඩම නීති විරෝධී ලෙස ගොඩකරමින් සිටින බව පවසමින් ප්‍රදේශවාසීන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ මාලඹේ පොතුවරාව ප්‍රදේශයේ පිහිටි මෙම පහත් බිම ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ගොඩකරමින් සිටින බවය.

ඒ සඳහා පහත්බිම් සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලින් කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම ගොඩකිරීම හේතුවෙන් වැසි කලට අවට ප්‍රදේශ ගංවතුරෙන් යටවීමේ අවදානමක් මතුවන බවටද ඔවුහු අනතුරු අඟවා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර