අඩ නින්දේදී දරු ප්‍රසූතියක්

නිදා සිටියදීම දරු ප්‍රසූතියක් Image copyright iStock

පසුගිය සතියේ ඔබ, අප නොදැන සිටි කරුණු කිහිපයක්.

1. කාන්තාවකට නිදා සිටියදීම දරුවකු බිහි කළ හැකි බව ඔබ දැන සිටියාද?

පසුගියදා refinery වෙබ් අඩවිය පළ කළ වාර්තාවකට අනුව ඇලිස් පේන් නම් කාන්තාව සිය දරුවා ප්‍රසූතකර තිබෙන්නේ අඩ නින්දේ සිටියදීය.

ඇය ප්‍රසූතිය සඳහා සැරසුණු අවස්ථාවේ වෛද්‍ය උපකරණවල දෝෂයක් හේතුවෙන් වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදි බෙහෙත් ලබා දී තිබේ.

ඒ මොහොතේ ඇය ප්‍රසූතියට සූදානම්ව සිටි බව වෛද්‍යවරු නොදැන සිටියහ. හදිසියේම ඇය ප්‍රසූතියට සූදානම් බව වටහාගත් ඇලිස්ගේ ස්වාමි පුරුෂයා අඩ නින්දේ සිටියදීම සිය බිරිඳට ප්‍රසූතියට උපදෙස් දී තිබේ.

තමන් නින්දේ සිටියදීම සෞඛ්‍ය සම්පන්න දරුවකු ප්‍රසූත කරනු දැක වෛද්‍යවරු පුදුම වූ බව ඇලිස් පසුව සඳහන් කළාය.

2. බ්‍රිතාන්‍යයේ පිරිමි දරුවන්ට, ගැහැණු දරුවන්ට වඩා සතියකට පවුම් දෙකක්.

බ්‍රිතාන්‍යය තුළ ලිංගිකත්වය මත පදනම්වූ නොසළකා හැරීම ආරම්භ වන්නේ ළමා වියේදී නිවසේදීම බව ඉඟිකෙරෙන සමීක්ෂණ වාර්තාවක් පසුගියදා ප්‍රකාශයට පත්විය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ දෙමාපියන් සාමාන්‍යයෙන් සතියකට ගැහැණු දරුවන්ට ලබාදෙන මුදලට වඩා පවුම් 2.20 ක් පිරිමි දරුවන්ට ලබාදෙන බව හෙළි වී තිබේ.

වයස අවුරුදු පහේ සිට 16 දක්වා දරුවන් 2000 ක් යොදාගෙන Childwise සංවිධානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයට අනුව දෙමාපියන් පිරිමි දරුවකුට සතියකට පවුම් 10.70 ක මුදලක් සාමාන්‍යයෙන් ලබාදෙන නමුත් දැරියන්ට ලැබෙන්නේ සාමාන්‍යයෙන් පවුම් 8.50 ක මුදලකි.

3. අයිස්ලන්තයේ වාර්ෂික මනුෂ්‍ය ඝාතනවල සාමාන්‍ය අගය 1.8 කි.

අයිස්ලන්තයේ මනුෂ්‍ය ඝාතන කෙතරම් දුර්ලභද යත් දින අටක් මුළුල්ලේ අතුරුදහන්ව සිටි දැරියකගේ මළසිරුර හමුවීමෙන් පසුව මුළු රටම කම්පාවට පත්විය.

අයිස්ලන්තය, ලෝකයේ අපරාධ අඩුම රටවලින් එකකි.

4. මිනිස් දරුවකු ලෙසින් වැඩුණු ගොරිල්ලා.

එංගලන්තයේ ගම්මානයක ජෝන් ඩැනියෙල් නම් ගොරිල්ලා මිනිස් දරුවකු ලෙසින් හදා වඩාගත් අතර, ඔහුට සිය නිදන කාමරයක් තිබුණු අතර ජෝන් සිය රෙදි තමන් විසින්ම සෝදාගත්තේය.

ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය වාර්තාකරණ පරිදි ජෝන් ඩැනියෙල් ගොරිල්ලා සිය ප්‍රදේශයේ දරුවන් සමග එළිමහනේ ක්‍රීඩා කළ අතර, තේ සහ සයිඩර් මත්පැන් පානය කිරීමටද රුසියකු විය.