විශේෂාංග
ප්‍රධාන පුවත
ඇමතිවරයෙකුටත් නැති කොළඹ නගරාධිපති සුපිරි නිල නිවසේ මීළඟ හිමිකරු කවුද?
කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක කොළඹ නගරාධිපති නිල නිවස පිහිටා ඇත.මහජන දේපළක් වන මෙහි වර්තමාන වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බව කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප සමඟ සඳහන් කළේය.නිදන කාමර,සාකච්ඡා ශාලා, උද්‍යාන මෙන්ම වෙනම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද ඊට ඇතුළත්ය.
ශ්‍රී ලංකා පාපන්දු තහනම:අපට අහිමිවන්නේ මොනවාද?
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) මහ ලේකම් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනය තහනම් කරනු ලැබීය. මෙය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට මෙන්ම පාපන්දු ක්‍රීඩකයින්ගේ අනාගතයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැ යි යන්න නොඅනුමාන ය.
දමිළ මාධ්‍යවේදී සුකිර්දරාජන් ඝාතනය කොට අදට වසර 17 ක්!
1970 වසරේ උපන් සුකිර්දරාජන් මියයන 36 වන වියේ පසු වූ දෙදරු පියෙකු වන අතර, හෙතෙම එවක සමාජසේවා ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කළේය.
පළාත් පාලන මැතිවරණය 2023:තරග බිමේ අපේක්ෂකයන්ගේ අලුත්ම ට්‍රේන්ඩ් එක මොකක්ද?
“අපි අපේක්ෂා කරන්නේ බුද්ධිමත් ඡන්ද දායකයෙක් නේ. ඡන්ද දායකයෙක් තමන්ගේ අපේක්ෂකයාගේ සුදුසුකම් සොයාලා බලලා ඒ අපේක්ෂකයට අපිව නියෝජනය කරන්න. ඒ ආයතනවල වැඩ කරන්න අවශ්‍ය ධාරිතාව, ශක්‍යතාව ඒගොල්ලන්ට තියෙනවද? එක හොයලා බලලා ඡන්දය දීම තමයි අපි අපේක්ෂා කළ යුතු වෙන්නේ. ඒවගේ ඡන්ද දායක ප්‍රජාවක්. ඒවගේ අපේක්ෂකයෝ නිර්මාණය කිරීම තමයි කළ යුතු වන්නේ"
දිවි සැරිය නිමා කළ 'සිංහල සිනමාවේ සුවිශේෂ ස්ත්‍රී සලකුණ' සුමිත්‍රා පීරිස්
"සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා සංස්කරණ භූමිකාව ගැන හරියට කතා කරලා නෑ. ඇත්තට ම ඇය විශිෂ්ට සංස්කාරකවරියක්. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ විශිෂ්ට සිනමා කෘති රැසක සංස්කාරකවරිය ලෙස දායක වුණේ ඇය. ඇයගේ නිර්මාණශීලී සංස්කරණය නිසා ඒ චිත්‍රපටවලට විශාල ආලෝකයක් ලැබුණා"
චීන- ඉන්දීය බල අරලය මැද සේතු සමුද්‍රම් යථාර්ථයක් වෙයිද?
"මේක ලංකාවට බලපානව නම් ලංකාවට කතා කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ අයිතිය තියෙනවාද අපිට. මොකද හිඟන්නො බවට පත්වෙලා ඉන්දියාවට ණය වෙලා තියෙන කොට කටවල් වහන්න පහසුයිනේ"
වසරක් පසා අනුස්මරණය කිරීමෙන් පමණක් ඝාතනය වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුවෙයිද?
සුවිශේෂී සමාජ මෙහෙවර වෙනුවෙන් වසරක් පාසා අනුස්මරණ උත්සව පැවැත්වුණත්, එම මාධ්‍යවේදීන්ගේ කුරිරු ඝාතනවලට වගකිවයුත්තන්ට දඬුවම් ලැබෙන්නේ කවදා ද, වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට වන්නේ කවදාදැ යි යන්න සැමටම ඇති ප්‍රශ්නාර්ථයකි.
රදැල්ල මාරක අනතුර: මෙතෙක් ගත් පියවර මොනවාද?
රදැල්ල බස් අනතුරත් සමග වගකිව යුතු පාර්ශව විසින් ඒ සම්බන්ධයෙන් දැක් වූ විවිධ ප්‍රතිචාර සහ මෙතෙක් ගෙන ඇති ඉදිරි පියවර මොනවාද යන්න මෙම ලිපිය මඟින් විමසීමට බලාපොරොත්තු වේ.
රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකාවට සිය 75 වැනි නිදහස අභිමානවත්ව සැමරිය හැකිද?
පවතින අර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (ජනවාරි 17 වැනිදා ) පැවති කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළේ ,රාජ්‍ය සේවකයින්ට නිශ්චිත දිනයටම වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.මෙවනි තත්ත්වයක් උද්ගත වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ණය බර අඩු කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චීනයට සහ ඉන්දියාවට ඉල්ලීමක්
"දිර්ඝ කාලයක් ණය නොගෙවා, මේ වගේ තත්ත්වයක අපිට ඉන්න ඕනේ නෑ. ඒක අපිට වගේම රටටත් හොඳ නැහැ. ඒක ශ්‍රී ලංකාවේ ආයෝජක විශ්වාසයටත් හොඳ නැහැ."
තුරඟ තරග පිටියේ ඛේදවාචකය:'දුක විකුණන මාධ්‍යවලින්' සමාජයට ලැබෙන ශුභසිද්ධිය කුමක්ද?
"මාධ්‍යකරණයේ මූලික අරමුණ මහජන ශුභසිද්ධිය. ඉතින් අතිශය පෞද්ගලික කරුණු සමාජගත කිරීමෙන් සමාජයට සිදුවන යහපත මොකක් ද?"
2023 : ශ්‍රී ලංකාවේ කල දසාව කුමක් විය හැකි ද?
ඉහළ යන ජීවන වියදම, බදු බර, පොහොර අර්බුදය, දෛනික විදුලි කප්පාදුව, රැකියා අහිමි වීම්, ණය පොලී ඉහළ යෑම, මානව හිමිකම් උල්ලංඝනය වැනි ප්‍රශ්න හේතුවෙන් ජනතාව ද විශාල පීඩනයකින් 2023 වසරට පියනගති.
ආගමික මතවාද විවේචනය කරන්න අයිතියක් නැද්ද?
“නමුත් දැන් මේ වෙලාවේ මේක ඊට වඩා වෙනස්. අපේ රටේ සාමාන්‍යයෙන් බොහෝ දේවල් සිද්ධ වෙන්නේ ඡන්ද එක්ක. මේ වෙලාවේ ප්‍රාදේශීය සභා ඡන්දය එන්න පුලුවන්. එතකොට ආයිත් බුද්ධාගමටයි, අරකටයි මේකටයි. හතුරෝ ඇවිදින්, ඔන්න ඒ පාර බුද්ධාගම බේර ගන්න මේ අර වීරයන්ට අවස්ථාව එනවා.”