"නැගෙනහිරින් එන මෘගයා": යුරෝපය අඩපන කළ හිම කුණාටු

මෙය බෙදාගන්න Email මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න Whatsapp

Image copyright AFP

අධික හිම පතනය හේතුවෙන් යුරෝපය පුරා බොහෝ රටවල දෛනික කටයුතු අඩපනව පවතින අතරවාරයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ගුවන් තොටුපොල තාවකාලිකව වසා දැමීමට සිදු විය.

අද සවස ජිනීවා ගුවන් තොටුපොල යළිත් විවෘත කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සයිබීරියාවේ සිට හමා එන අධික ශීතල සුළඟත් සමග යුරෝපය පුරා බොහෝ රටවල් වසර කිහිපයක් ඇතුළත ශීතලම කාලගුණයට මුහුණ දී සිටිති.

අධික ශීතල සුළඟ මෙන්ම අසාමාන්‍ය හිමපතනය ද හේතුවෙන් ප්‍රවාහන කටයුතු ඇතුළු බොහෝ දෛනික කටයුතු ඇනහිට තිබේ.

බොහෝ රටවල ජනතාව මේ කාලගුණයට අපූරු නම් තබා තිබේ. බ්‍රිතාන්‍යයේ ඇතැමුන් එය "නැගෙනහිරින් ආ මෘගයා" ලෙස හඳුන්වද්දී නෙදර්ලන්තවාසීන් එය හඳුන්වන්නේ "සයිබීරියානු වලසා" ලෙසය.

මේ අතර දරුණු අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි බවට නිරිතදිග එංගලන්තයේ සහ දකුණු වේල්සයේ වෙසෙන ජනතාවට අනතුරු අඟවනු ලැබ තිබේ.

Image copyright AFP
Image copyright Getty Images

දැනටමත් බ්‍රිතාන්‍යය පුරා බොහෝ කටයුතු අඩපන කොට තිබෙන "නැගෙනහිරින් එන මෘගයා" සමග එමා කුණාටුව ද හැමීමට නියමිත බැවින් එම ප්‍රදේශවලට "රතු අනතුරු ඇඟවීම්" නිකුත්කොට තිබේ.

මේ අතර 300කට අධික පිරිසක් ස්කොට්ලන්තයේ අධිවේගී මාර්ගයක පැය 17ක් පමණ දැඩි ශීතල මැද සිය මෝටර් රථවල කොටු වී සිටිති.

එමෙන්ම නිවාස උණුසුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ප්‍රමාණවත් ගෑස් තිබෙන්නේ දැයි සැක සහිත බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍යය පුරා බොහෝ ප්‍රදේශවල පාසල් සිය ගණනක් තුන්වෙනි දිනයේත් වසා දමා තිබේ.

තවත් කියවන්න: