ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අඩ සියවසක් සපුරන ලොස් මුචාචෝස් ජෝබී

ලොස් මුචාචෝස් සංගීත කණ්ඩායමෙන් සංගීත ජීවිතය අරඹා, මීමැස්සෝ සංගීත කණ්ඩායම නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ පෙර ගමන් කරුවකු වූ ජෝබී පෙරේරා මේ වසරේ සිය සංගීත දිවියේ අඩ සිය වසක් සම්පූර්ණ කරයි.

Image caption 'ඒ කාලේ අපිට බොහෝ යෝජනා සහ විවේචන ඉදිරිපත් වුනා'

මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ අධ්‍යාපනය ලැබූ සමයේ පටන්ම සංගීතයට ඇල්මක් තිබුණු බව සංදේශය සමඟ කියා සිටි ජෝබී, පාසල් අධ්‍යාපනය හමාරයේ ලංකා බැංකුවේ රැකියාවක් ලැබීමෙන් අනතුරුව විනෝදාංශයක් ලෙසින් සංගීතයට යොමු වූ ආකාරය සිහිපත් කරයි.

1963 දී ලොස් මුචාචෝස් කණ්ඩායමට සම්බන්ධ වන ඔහු, 1966 දී මීමැස්සෝ කණ්ඩායම නිර්මාණය කරන්නේ සිය සොහොයුරන් සමඟ එක් වෙමින්.

"අපි අර කැලිප්සෝ කියන ලතින් ඇමෙරිකානු සම්ප්‍රදායයට අනුව තමයි අපි ගායනය කළේ ඒ කාලේ. ඒ කියන්නේ ගායන සම්ප්‍රදාය අපි ආරම්භ කළේ ලොස් පැරගුවායෝස් කියන ස්පාඤ්ඤ කණ්ඩායම අනුකරණය කරමින්," ජෝබී අතීතය මෙනෙහි කළේ එලෙසින්.

"ඒ කාලේ අපිට බොහෝ යෝජනා සහ විවේචන ඉදිරිපත් වුනා."

ලබන වසරේ නව ගීත තැටි දෙකක් නිකුත් කිරීම මේ ප්‍රවීන සංගීතවේදියාගේ බලාපොරොත්තුවයි.

රැකියාවෙන් විශ්‍රාම ලබා, සංගීත දිවියටත් මඳ විරාමයක් තබා සිටින ජෝ, සංදේශයේ අසන්නන් වෙනුවෙන් සිය සංගීත චාරිකාව පිළිබඳව තැබූ කෙටි සටහනක් මේ.