ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ටෝනි රණසිංහයන්ගේ නොමියන හඬ

වැනීසීයේ වෙළෙන්දා, ජුලියස් සීසර් වැනි ශේක්ෂ්පියර් පරිවර්තනයන්ගෙන් ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රයේ ගාම්භීර පටුනක් ඇති කිරීමට ටෝනි රණසිංහයන් සමත් විය.

ටෝනි රණසිංහයන් මුල් යුගයේ සිටම විශ්ව සම්භාව්‍ය මෙන්ම සෑම වර්ගයකම චිත්‍රපට ධාරා ඇසුරු කළ කලාකරුවෙක්.

හින්දි සිනමාවට ආසක්ත වූ ටෝනිගේ ප්‍රියතම නළු යුග්මය වූයේ දේව් ආනන්ද් සහ දිලීප් කුමාර්.

බටහිර ‘කව් බෝයි’ චිත්‍රපට නැරඹීමේ රුසියකු වූ ඔහු සිනමාහල්වලට රිංගා දෙමළ චිත්‍රපට නැරඹීමට පුරුදු විය.

සිනමාවට පිවිසීමට පෙර ලැබූ ඒ සෑම අත්දැකීමකින්ම, පරිචයක්ම දැඩි ලෙස උකහා ගත් ටෝනි රණසිංහ වෙතින් විද්‍යාමාන වූයේ දේව් ආනන්ද්, දිලීප් කුමාර් හෝ වෙනත් බටහිර නළුවකු නොවේ.

සිනමාව, වේදිකාව ඔස්සේ ඔබ දැක්කේ අන් කිසිවකු නොව ටෝනි රණසිංහයන්ම පමණයි.

එක් අතකින් සුකුමාර මුහුණින්, රංගනයෙන්, ළගන්නා ඉරියව්වෙන්, කතා විලාශයෙන් සිනමා ප්‍රේක්ෂකයා සිය වසඟයට ගත් ටෝනි අනෙක් අන්තයෙන් වේදිකා නාට්‍ය ලෝකය දැඩිව ග්‍රහණය කර ගැනීමට සමත් විය.

‘ඉර පානෙන් රැස් දෝතක්’ බන්දුල නානායක්කාරවසම් නිර්මාණයක්. සම්පූර්ණ හඬ පටයට සවන් දෙන්න.