උදව් සහ නිතර අසන ප්‍රශ්න

මෙම වෙබ් අඩවිය හොඳින්ම දර්ශනය කළ හැක්කේ කෙසේද?

මෙම වෙබ් අඩවිය තනා ඇත්තේ යටත් පිරිසෙයින් පික්සෙල් 1024 ක් පුළුල් වූ තිරයක් සඳහායි. ඊට වඩා අඩු විභේදනයක් සහිත තිරයක් ඔබ භාවිතා කරන්නේ නම් වෙබ් අඩවියේ ඇති සියල්ල බලා ගැනීම සඳහා ඔබට පිටුව තිරස් අතට එහා මෙහා කිරීමට සිදු විය හැකියි. විකල්පයක් ලෙස මෙම වෙබ් අඩවියේ “ඌන චිත්‍රක” (“low graphics”) පිටපත භාවිත කළ හැකියි. මෙම වෙබ් අඩවියේ අඩංගු ඇතැම් දේ සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාකාරී වන්නේ ඔබේ බ්‍රවුසරයේ ‘Javascript’ විවෘත කර හෝ සක්‍රීය (“enabled”) කර ඇත්නම් පමණයි.

අන්තර්ජාලය හරහා හඬ පටයකට සවන් දෙන්නේ කෙසේද?

BBCSinhala.com හි ඇති හඬ පට, අදාල පුවතට කාවද්දා හෝ ඇමනුම් පුරුකක් (link) ලෙස වෙබ් අඩවියේ පවතී.

මෙම හඬ පට වාදනය කිරීම සඳහා අඩු තරමින් 56 kbps වත් වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාව යක් තිබිය යුතු අතර වැඩි වේගයක් සහිත පුළුල් කලාපීය සබැඳුමක් (broadband connection) වේ නම් වැඩි ප්‍රතිඵල අත් කර ගත හැක. පුවතට කාවද්දන ලද හඬ පට වාදනය සඳහා ඔබේ බ්‍රවුසරයේ Flash Player පේනු මෘදුකාංගය (plug-in) තිබිය යුතුයි.

Flash Player* බාගත කර ගැනීමට මෙතැන ඔබන්න:

http://www.bbc.co.uk/webwise/categories/plug/flash/flash.shtml?intro2

අනෙකුත් හඬ පට සහ වීඩියෝ සඳහා Real Player හෝ Windows Media Player අවශ්‍යයි.

Windows Media Player* බාගත කර ගැනීමට මෙතැන ඔබන්න:

http://www.bbc.co.uk/webwise/categories/plug/winmedia/newwinmedia.shtml?intro2

බාගත කිරීම් වගකීමෙන් තොරයි:

bbcsinhala.co.uk හෝ BBCSinhala.com හි අන්තර්ගතයට පිවිසීමට අවශ්‍ය සියළුම පේනු මෘදුකාංග බාගත කර ගැනීමට හෝ භාවිත කිරීමට කිසිදු මුදලක් අය නො කෙරෙයි. මේ සඳහා කිසිම අවස්ථාවක ක්‍රෙඩිට් කාඩ් අංකයක් වැනි ගෙවීම් තොරතුරු ලබා දීමට ඔබට සිදු වන්නේ නැත.

මෙම පේනු මෘදුකාංග බාගත කිරීමේ දී අදාළ සමාගමේ ඇතැම් නීති රීති සහ කොන්දේසිවලට එකඟ වන ලෙස ඔබට දැනුම් දිය හැකියි. මෙයට බීබීසී යේ සම්බන්ධතාවක් නොමැත. ඔබේ පෞද්ගලික තොරතුරු කුමක් සඳහා යොදා ගනු ලබන්නේ ද යන්න ගැන ඔවුන් ඔබට පැහැදිලි කළ යුතුය.

RSS + ATOM (full text) විකාශන යොමු.

වෙබ් අඩවියට අලුතින් යමක් පළ කළ විට ඔබට එය දැනුම් දීම සඳහා RSS යොමුව ඉඩ සලසයි. පුවත් පළ කළ සැනින් එහි ශීර්ෂ පාඨ සහ වීඩියෝ ඔබට ලබා ගැනීමට එමගින් ඉඩ සැලසේ.

RSS යන යෙදුමේ අර්ථය පිළිබඳව විවිධ මත ඇති නමුත් බොහෝ දෙනා එය හඳුනා ගන්නේ ‘සැබවින්ම සරල විකාශනය’ (Really Simple Syndication') යනුවෙන්. (මෙය පරිගණක තාක්ෂණ යේදී යොදා ගන්නා යෙදුමකි.)

GMT යනු කුමක්ද?

ග්‍රිනිච් මධ්‍යන්‍ය රේඛාවේ සිට මනිනු ලබන වේලාව (Greenwich Mean Time)

බීබීසී ලෝක සේවය සාමාන්‍යයෙන් වේලාව දක්වන්නේ ග්‍රිනිච් සම්මතයට (GMT) අනුවයි. (එසේ නමුත් අන්තර්ජාලය තුළ ඇති අපගේ ලේඛන මත දේශීය වේලාව ද දැක්වෙයි.)