BBC Sinhala

මුල්පිටුව​ > Multimedia

පිරමීඩාකාර ක්‍රම වලට රැවටීමේ අනතුර

2012 ජුනි 6 - 13:07 GMT
පිරමීඩාකාර ක්‍රම

ඉක්න්මනින් මුදල් උපයාගැනීම සඳහා හදුන්වා දෙන පිරමීඩාකාර ක්‍රම වලට දායක නොවන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව අනතුරු අඟවා සිටිනවා.

භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමෙන් අනතුරුව එය වෙනත් අයට විකුණා ලාභ ලබීම ට උත්සහ කිරීම පිරමීඩාකාර ක්‍රම වල ස්වභාවයයි.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව පිරමීඩාකාර මුල්‍ය ක්‍රම වල නියැලීම නීති විරෝධීය.

පිරමීඩාකාර ක්‍රම සම්බධයෙන් ගතයුතු පියවර පිළිබඳව ශ්‍රී ලංකා වට උපදෙස් දුන් ඇමරිකානු විශේෂඥය රොබට් ෆිට්ස් පැට්‍රික් කියා සිටියේ නිමක් නැති මේ ජාල ගත ක්‍රම වලින් සියයට අනුවක් පමණ දෙනා පාඩු ලබන බව එවැනි ක්‍රම ආරම්භ කරන්නන් දැන සිටියත් අනුන් ගැන නොසිතන නිසා මෙවැනි රැවටිලිකාර ක්‍රම ඉදිරිපත් කරන බවයි.

පිරමීඩාකාර ක්‍රම වෙනුවෙන් තර්ක කරන ඇමරිකානු මුල්‍ය උපදේශක රොබට් කියෝස්කි කියා සිටින්නේ මුදල් උපයනවා නම් අනුන් ගැන සිතීම නතර කළ යුතු බවයි.

මාධ්‍යවේදී අසන්ත සිරිමාන්නට අනුව පිරමීඩාකාර ක්‍රම ඉදිරිපත් කරන්නන් ප්‍රයෝගකාරී ලෙස පිරිස් බඳවා ගැනීම් කරති.

මේ ගැන හොයා බැලූ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්තට අනුව උගත් නුගත් වෙනසක් නොමතිව පිරිස් පිරමීඩාකාර ක්‍රම වලට දායක වෙති.

වීඩියෝ දර්ශණ නැරඹීම හෝ හඬපටවලට සවන්දීම සඳහා බීබීසීය ඔබෙන් මුදලක් අයනොකරයි. එහෙත් ඒ සඳහා භාවිතාකරන දත්ත ප්‍රමාණය වෙනුවෙන් ඔබේ දුරකථන සමාගම ඔබෙන් මුදලක් අයකිරීමට ඉඩතිබේ. දත්ත බාගතකිරීම සඳහා අයකරන මුදල ගැන ඔබට නිසි වැටහීමක් නැත්නම්, කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter