ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වයලීනය තුරුල් කරගත් දරුවා

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් දින කිහිපයේදී කොටි කැරලිකරුවන් අතර සිටි දහස් ගණන් ජනතාව රජයේ හමුදා දෙසට ගමන් කලේ අතට අසුවූ දෙයක් රැගෙන දිවි පරදුවට තබමින්. වයලිනයක් රැගත් දරුවෙකු බිබිසී සිංහල අංශයේ ප්‍රියත් ලියනගේ ගේ ඇස ගැසුනේ රූපවාහිනී පුවත් නරඹමින් සිටියදීයි. දෙවසරකට පසු දරුවා සෙවීමට ගත් උත්සාහයේදී ඔහු තැත් දරන්නේ වයලීනය තුරුල් කරගෙන මේ දරුවා එවැනි භියජනක ගමනක් ගියේ ඇයිද යන්නයි.