ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිනිස් රූ අසිරිය කියන ඩාවින්චි රූ සටහන්

ඉතාලි ජාතික ලියනාඩෝ ඩාවින්චි ගේ මිනිස් සිරුරේ කාය ව්‍යවච්ඡේදන රූ සටහන් ප්‍රදර්ශනයක් මේ දිනවල ලන්ඩන් නගරයේ පැවැත්වෙයි.

Image copyright UCHW
Image caption ඩාවින්චි චිත්‍රකරණය රසිකයිනට අභියෝගයක් වන බවයි, විචාරකයන් පෙන්වාදෙන්නේ

මේ පිළිබඳව බීබීසී සංදේශයට කරුණු දැක්වූ වොරික් සරසවියේ කාය ව්‍යවච්ඡේදනය පිළිබඳව මහාචාර්ය පීටර් එබ්‍රහිම්ස් කියා සිටියේ මීට පන්සිය වසරකට පෙර විසූ ලියනාඩෝ ඩාවින්චි මිනිස් සිරුරේ හැඩතල මෙන්ම එහි ක්‍රියාකාරිත්වයත් ඉතා නිවැරදි ලෙසින් ග්‍රහණය කරගෙන ඇති බවයි.

මිනිස් ජීව රූ සටහන් ඇඳීම තම විනෝදාංශය කරගත් වෛද්‍ය ශානක කුලතුංග ප්‍රකාශ කලේ එකවර ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාත්මක වූ ඩාවින්චි ඒ ඒ ක්ෂේත්‍ර වලින් ලැබූ ආභාෂය මිනිස් සිරුරේ රූ සටහන් චිත්‍රණය කිරීමේදී භාවිත කළ බවයි.

ඩාවින්චි චිත්‍රකරණය සැමකල්හිම රසිකයිනට අභියෝගයක් වන බවයි, කලා විචාරකයන් පෙන්වාදෙන්නේ.