ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඝාතකයන් මේ වතාවේ කෙසෙල් ගසට කොටලා'

කටුවන වෙඩි තැබීම තම පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව ඝාතනයෙන් පැය දෙකක් ගතව යාමටත් පෙර ලක්ෂ්මන් හුළුගල්ල රජයේ රුපවාහිනිය ඔස්සේ නිවේදනය කළේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළේය.

ඝාතකයන් මේ වතාවේ "කෙසෙල් ගසට කොටා තිබෙන" බැවින් ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු ලොව පුරාම උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන බවද මන්ත්‍රී වරයා පැවසීය.