ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ළමා දූෂකයන්ට එරෙහිව 'තරාතිරම නොබලා පියවර ගන්නවා'

ළමා දූෂකයන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බව ළමා සහ කාන්තා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්එල්ඒඑම් හිස්බුල්ලා පවසයි.

ළමා දූෂණ සහ ස්ත්‍රී දූෂණ චෝදනා ලබා සිටින දේශපාලකයන්, නිලධාරීන් ඇතුළු ඕනෑම කෙනෙකුට එරෙහිව උපරිම පියවර ගන්නා මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

එහෙත් කාලෙකට පෙර නීතිපති පදවිය දැරූ මොහාන් සිල්වා විසින් දුමින්ද සිල්වාට එරෙහිව පවරා තිබූ ළමා අපචාර චෝදනා ඉවත් කරගත්තේ නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව වැඩි විස්තර තමන් නොදන්නා බවයි.