ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රීඩකයන්ට ශක්තියක් වීමට ලන්ඩනයට පැමිණි පුහුණුකරුවෝ

පැරා ඔලිම්පික් ශූරතාවලියට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිරිය දීමට හේතු වනු ඇති බව පුහුණුකරුවෝ පවසති.

එහෙත් මෙවැනි ඉහල පෙළේ තරඟයකදී පුහුණුකරුවා කෙතරම් දිරි දුන්නත් ඔහුට හෝ ඇයට කළ හැකි කාර්ය භාරයද සීමිත බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

දුමීර මධුරංගගේ පුහුණුකරු නිමල් ජයකොඩි, ප්‍රදීප් සංජය සහ අමරා ඉන්දුමතී කරුණාතිලකගේ පුහුණුකරු තිලක් ජෑන්ස් දිසානායක සහ ලාල් පුෂ්පකුමාර හා ලෙස්ලි කුමාරගේ පුහුණුකරු ප්‍රීති අනුර කුමාර පැරා ඔලිම්පික් ශූරතාවලිය වෙනුවෙන් ලන්ඩනයට පැමිණ සිටින පුහුණුකරුවන් පිරිසයි.

Image copyright Pic by Emma Lynch