ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

සෞඛ්‍ය සන්නිවේදක හා ලේඛක වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි තෝරා ගත්තේ මහාචාර්ය ඒ වී සුරවීරයන් 1970 දී පළ කළ කෙටිකතා අටක එකතුවක්.

වෛද්‍ය සිසුවකු වීමට පෙර හැත්තෑව දශකයේ මුල පටන්ම පුවත්පතට, ගුවන් විදුලියට ලියමින් ලේඛන දිවිය ඇරැඹු ශාන්ත හෙට්ටිආරච්චීන් ලියා ඇති ලිපි හා තීරු ලිපි සංඛ්‍යාව දහස් ගණනක්. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි සිංහල ඉංග්‍රීසි දෙබසින්ම පොත් රැසක් ලියා පළ කළ ලේඛකයෙක්.

මහාචාර්ය සුරවීර

ගුවන් විදුලියෙන්ද, රූපවාහිනියෙන්ද සෞඛ්‍ය සංවාද මණ්ඩප මෙහෙයවන වෛද්‍ය හෙට්ටිආරච්චි තිර රචනයේ මෙන්ම රංගනයේත් යෙදී ඇති අයෙක්. වෛද්‍ය හා සෞඛ්‍ය විෂය සම්බන්ධයෙන් පමණක් නොව කවියේද, ගීතයේද සමත්කම් පා ඇති ඔහුගේ මුල්ම පද්‍ය සංග්‍රහය ‘ලොව හැඳිනිය යුතු හෙයින්ම’.

ඔහු අත ඇති පොත මහාචාර්ය ඒ වී සුරවීර කෙටිකතා සංග්‍රහය ‘පෑදී දියට බොරදිය’.