ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ස්රෙබ්‍රනිට්සා නුවර සමුහ භුමදානයක්

1995 බොස්නියානු යුද සමයේ සමුලඝාතනය කැරුණ පුද්ගලයන් අතුරින් අලුතින් හඳුනා ගනු ලැබු හාරසියයකට අධික මළ සිරුරු සංඛ්‍යාවක් භූමදාන කරන්නට දහස් සංඛ්‍යාත පිරිසක් ස්රෙබ්‍රනිට්සා (Srebrenica) නුවරට එක්වුහ.

මියගිය අය මිහිදන් කරන තැන් ලකුණු කොට ඇති සැලසුමක් ඥාති මිත්‍රාදීන් විසින් පිරික්සනු ලබද්දී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥා විකාශ කෙරුනි.

භූමදාන කරනු ලබන්නන් අතර තරුණයන් හතළිහකට වැඩි පිරිසකගේත් සමුලඝාතනය මැදදී උපන් දරුවකුගේත් සිරුරු වෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂිත කලාපයක් ලෙස හඳුන්වා තිබුණු ස්රෙබ්‍රනිට්සාවට කඩා වැදුණු සර්බියානු සන්නද්ධ භට සේනා අට දහසකට අධික බොස්නියානු මුස්ලිම් ජනකායක් සමුල ඝාතනය කළේය.