ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුධ අපරාධ සිදු කළ බංගලාදේශ නායකයෙක් සිර ගෙට

බංගලාදේශයේ නිදහස් සටනේ දී යුද අපරාධ සිදු කළ බවට චෝදනා ලත් ඉස්ලාම් නායක ගුලාම් අසාම් එරට යුද අපරාධ අධිකරණයක් ඉදිරියේ වරද කරු බවට පත් විය.

මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, වද හිංසා පැමිණවීම්, කුමන්ත්‍රණය කිරීම්, ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීම්, මැර කල්ලි සංවිධානය ආදී චෝදනා සියල්ලටම වරද කරු වූ ජමාත් ඊ ඉස්ලාම් පක්ෂයේ නායක ගුලාම් අසාම් වසර අනූවකට සිරගත කැරිණි.

පකිස්ථානයෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා වසර 1971 දී පැවති නිදහස් සටනේදී ජමාත් ඊ ඉස්ලාම් පක්ෂය පකිස්තානු හිතවාදී සටනක යෙදී සිටියේය.

අනූ වියැති ගුලාම් අසාම් ගේ ආධාර කරුවන් කියා සිටින්නේ දේශපාලන අරමුණු තකා මෙම නඩු විභාගය පැවැත්වූ බවයි.

නඩු තීන්දුවට එරෙහිව රට පුරා මහා වැඩ වර්ජනයක් පැවැත්වීමට ජමාත් ඊ ඉස්ලාම් පක්ෂය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.